ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරුන් ඉන්දියාවට.

Tuesday, 05 February 2013 - 12:57

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.


 
පසුගිය දා මෙරටට පැමිණි එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරුන් මාලදිවයිනට පිටත්ව යාමට පෙර ඉන්දියාවේ සංචාරයක නිරත වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මෙරට පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයා ඒ බව තහවුරු කළා. ද්‍රවිඩ මාධ්‍ය වාර්තා කර තිබුණේ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරුන් ඉන්දියාවේ දී එරට ආරක්ෂක ලේකම් ශිවශංකර් මෙනන් සහ විදේශ ලේකම් රන්ජන් මාතායි මුණ ගැසුණු බවයි. ශ්‍රී ලංකාවට එරෙහිව ජිනිවා ජගත් මානව හිමිකම් සැසියේ දී ඇමරිකාව තවත් යෝජනාවක් ඉදිරිපත් කරන බව සහකාර රාජ්‍ය ලේකම්වරුන් කොළඹ දී ප්‍රකාශ කළා. ද්‍රවිඩ මාධ්‍ය සදහන් කළේ මෙම යෝජනාව සම්බන්ධයෙන් ද ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරුන් ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කර ඇති බවයි. එම යෝජනාව සදහා ඉන්දියාවේ සහාය ලබා ගැනීම පිළිබදව ද ඇමරිකානු නියෝජිතයන්ගේ අවධානය යොමු වූ බව එම මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියා. කෙසේ නමුත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශක ක්‍රිස් එල්ම්ස්ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු ඒ බව ප්‍රතික්ෂේප කළා. තානාපති කාර්යාල ප්‍රකාශකයා කියා සිටියේ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරුන් ඉන්දීය බලධාරීන් සමග පැවැති සාකච්ඡා ඊට වඩා පුළුල් පරාසයක පැවැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories