ජාති - කුල - ආගම් - පළාත් බේද අනවශ්‍යයි. ජනපති නැගෙනහිරදී.

Tuesday, 05 February 2013 - 18:42

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92+-+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD+-+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%AF+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.

විශ්වවිද්‍යාල තුලින් පිටවන සිසුන් පරිපූර්ණ උපාධිධාරීන් බවට පත්කිරීම රජයේ අරමුණ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ සමස්ත හැකියාවන්ගෙන් යුත් දැනුම, කුසලතා සහ නිවැරදි ආකල්පවලින් හෙබි උපාධිධාරීන් බිහිවනු දැකීම රජයේ අපේක්ෂාව බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයනංශය වෙනුවෙන් ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.

 

යටිතල පහසුකම් පමණක් නොව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලවල ගුණාත්මක ඉහළ නැංවීම සඳහාද රජයේ අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. උත්සවය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.

 

[MP3]s52805_1[/MP3]

 

මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උත්සවය අමතමින් කියා සිටියේ ජාති ආගම් කුලභේද ශ්‍රි ලංකාව තුල පැවතිය නොහැකි බවයි. ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් රට තුළ පැවතිය නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කලා.

[MP3]s52805_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories