විදේශ ඇමතිගේ ඉන්දීය සංචාරයේ තොරතුරු හෙළි කරන්න. - එජාපය.

Wednesday, 06 February 2013 - 8:24

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් හා ඉන්දියානු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං අතර පසුගිය දිනවල පැවති සාකච්ඡා පිළිබඳව පාර්ලිමේන්තුවට හා රටට පැහැදිළි ප්‍රකාශයක් සිදුකළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පසුගිය 23 වැනිදා ඉන්දීය සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අතර සාකච්ජාවක්ද පැවැත්වුණා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ මහ ලේකම්වරයා.

[MP3]s52828_1[/MP3]          

එහිදී මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා දිවි නැගුම වැඩසටහන පිළිබඳව ද අදහස් දක්වා සිටියා. මන්ත්‍රීවරයා කියා සිටියේ දිවි නැගුම වැඩසටහන හරහා ප්‍රමිතියෙන් තොර ඇට වර්ග බෙදාහරින බවයි.

[MP3]s52828_2[/MP3]          

අප මේ සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගෙන් විමසීමක් කළා. ඊට ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරක්.

[MP3]s52828_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories