ඕස්ට්‍රේලියාවේ නාවුරු සහ මානස් දුපත්වල සරණාගත කඳවුරුවල සිටින සංක්‍රමණිකයන් සියදිවි නසා ගැනීම සහ අපයෝජනයට ලක්වීමේ ඉහළ ප්‍රවණතාවයක් පවතින බවට වාර්තා වනවා. ඕස්ට්‍රේලියාවේ නව ආගමන අමාත්‍ය බ්‍රැන්ඩන් ඕගෝනර් එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන් වෙත වාර්තා ලැබී ඇති බවයි. තමන් ඉදිරි දින කිහිපය තුළ නාවුරු සහ මානස් දුපත්වල සංචාරය කර පැහැදිලි අවබෝධයක් ලබා ගන්නා බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර, එම සරණාගත කඳවුරුවල හෙදියක් ලෙස සේවය කළ ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් මෙම සියදිවි නසා ගැනීම් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ගුවන් විදුලිය වෙත අදහස් දක්වා තිබෙනවා. එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලයින් සියදිවි නසා ගන්නා ආකාරය සහ කාන්තාවන් සහ ළමයින් අපයෝජනයට ලක්වන ආකාරය තමන් සියැසින් දැක ඇති බවයි. එම සංක්‍රමණික කඳවුරුවල පිරිසිදුකම සහ විනය ඉතා පහත් මට්ටමක පවතින බවද ඇය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. නාවුරු සහ මානස් දුපත්වල පිහිටා තිබෙන සරණාගත කඳවුරුවල රඳවා ඇත්තේ නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් කිහිපයක සංක්‍රමණිකයන්.
Follow US
Most Viewed Stories