TNA ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි.

Wednesday, 06 February 2013 - 18:54

TNA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලූව සම්බන්ධයෙන් අපක්ෂපාතී ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානය අද කියා සිටියා. විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව කොළඹදී අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ටී.එන්.ඒ. මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර විමසා සිටියේ උගත් පාඩම් වාර්තාව පිළිගන්නේද, හමුදා නිකුත් කළ වාර්තාව පිළිගන්නේද ගැටළු සහගත තත්ත්වයක් බවයි.

[MP3]s52869_1[/MP3]                      

උගත් පාඩමේ කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ අනුව යුද හමුදා කාර්යයන් නිර්ණය කිරීමට පත් කළ නිලධාරී මණ්ඩලයද පසුගියදා වාර්තාවක් නිකුත් කළා. එය පරීක්ෂණ වාර්තාවක් නොවන බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියේ.

[MP3]s52869_2[/MP3]                   

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් උගත් පාඩම් කොමිසම් සභා වාර්තාව ආණ්ඩුව පිළිගන්නේද යන්න විමසා සිටියා. අන්ත ජාතිවාදී හා ආගම්වාදී බලවේගයන්ට හිස එසවීමේ ඉඩකඩක් රටේ නිර්මාණය වෙමින් පවතින බව ඔහු සඳහන් කළා. සියලූ ජන වර්ග අතර සංහිදියාව, සහජීවනය හා විශ්වාසය තහවුරු කිරීමට නම් උගත් පාඩම් වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

[MP3]s52869_3[/MP3]                       

අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය කොළඹ අද පැවැත්වූ රැළියකට එක්වූ ජනතා විමුක්ති පෙරමුනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඞී. ලාල්කාන්ත ජාත්‍යන්තරය සහ පාර්ලිමේන්තුව පිළිබඳ අදහස් කළා. ඔහු කියා සිටියේ රටට එරෙහි ජාත්‍යන්තර බලපෑම්වලට විරුද්ධව පාර්ලිමේන්තුවේ සටන් කිරීමේ කාලය අවසන් වී ඇති බවයි.


[MP3]s52869_4[/MP3]   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories