උපත් පාලනය, ඇමති මණ්ඩලය අඩුකිරීමට විසඳුමයි. ජ වි පෙ න් යෝජනාවක්.

Thursday, 07 February 2013 - 7:48

%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2+%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%99+%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

වත්මන් ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අඩුකිරීමට ඇති එකම විසඳුම රටේ ජනතාවගේ උපත් පාලනය බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ රැළියකට කොළඹ හයිඞ් පිටියේදී එක්වෙමින්. අධිරාජ්‍ය විරෝධී මැදිහත්වීම්වලට විරෝධය පළ කරමින් ලේක්හවුස් වටරවුම සහ පුංචි බොරැල්ල හන්දියෙන් ඇරඹුණු මෙම  පා ගමන කොළඹ හයිඞ් පිටියේ පැවති රැළියකින් අවසන් වුණා.

එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක.

[MP3]s52890_1[/MP3]

එහිදී අධිරාජ්‍ය විරෝධී ජනතා පෙරමුණේ සම කැඳවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමියද අදහස් දක්වා සිටියා. උන්වහන්සේ කියා සිටියේ රට ඇතුළත අධිරාජ්‍යවාදී බලවේග පැමිණීම ක්‍රම දෙකකට ජනතාවට මුහුණදීමට සිදුව ඇති බවයි.

 [MP3]s52890_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories