ජාතික හා ආගමික සමගිය වෙනුවෙන් ජනපති මහා සංඝරත්නය හමුවෙයි.

Thursday, 07 February 2013 - 8:02

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9D%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


රටේ ජනතාව අතර ජාතික සමගිය සහ ආගමික සහජීවනය ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙලට නිරන්තර සහය සහ ආශිර්වාදය ලබාදෙන බව මහා සංඝරත්නය ප්‍රකාශ කරනවා. දිවයිනේ සියලූම නිකායන්හි මහා නායක, අනුනායක සහ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා ඊයේ (06)  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති හමුවකදියි මේ බව ප්‍රකාශ කළේ. රට තුළ ජාතික සමගිය සහ ආගමික සහජීවනය ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙලට මහා සංඝ රත්නයේ අනුශාසනා ලබාගැනීම මෙහි මූලික අරමුණ වුණා.


මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ බුදු දහම ආරක්ෂා කිරීමට සහ පෝෂණය කිරීමට රජය සෑම අවස්ථාවකදීම බැඳී සිටින බවයි. රටේ සියලූ ආගම් අතර ආගමික සහජීවනය ගොඩ නගමින් සියලූදෙනාගේ ආගමික නිදහස සුරක්ෂිත කිරීම රජයේ වැඩපිළිවෙල බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කලා. බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් අනුගමනය කළයුතු වැඩපිළිවෙල පිළිබඳවද මෙහිදී මහා සංඝරත්නය දීර්ඝ වශයෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙක් සියලූම නිකායන්හි ප්‍රධාන ස්වාමීන් වහන්සේලා එක් රැස්කරගනිමින් මෙවන් සාකච්ඡා වාරයක් ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවැත්වූ පළමු අවස්ථාව මෙය බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories