සිරියාවේ ගැටුම් උග්‍ර අතට.

Thursday, 07 February 2013 - 8:25

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7.



සිරියාව තුළ නැවත වරක් උග්‍ර ලෙස ගැටුම් වර්ධනය වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. ඊයේ දිනයේද ඩැමස්කස් ප්‍රදේශයේ දරුණු ලෙස ගැටුම් ඇවිලූණු බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කැරළිකරුවන් විසින් සිරියානු රජයේ හමුදා වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කළ අතර මෙම ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා සිරියානු හමුදාවද දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කළ බව සඳහන්. ඊයේ දිනයේ පැල්මයිරා ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 19 දෙනෙක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. කෙසේ වුවද සිරියාව තුළ පවතින අභ්‍යන්තර අර්බුදය විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අරාබි ලීගයේ මැදිහත්වීමෙන් අඛණ්ඩව සාකච්ඡා කිරීමද සිදුවනවා. සිරියාව තුළ පවතින ගැටුම් වසර දෙකකට ආසන්න කාලයක් පුරා පවතින අතර ඉන් 60 000 ක් පමණ ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ලක්ෂ 6 ක සිරියානු ජනතාව වෙනත් රටවල්වලට පළාගොස් ඇති බවද විදෙස් වාර්තාවල තවදුරටත් සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories