පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනත් රටක පවත්වන ලෙස ඉල්ලීමක්.

Thursday, 07 February 2013 - 12:52

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ලබන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනත් රටක පවත්වන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා. හියුමන් රයිට්ස් වොච් හෙවත් මානව හිමිකම් ඇස සංවිධානය විසින් පොදු රාජ්‍ය මණ්ඩලයෙන් මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තාවන්නේ. ලක් රජය ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු මෙතෙක් නිසි පරිදි ඉටු නොකිරීම මෙම තත්ත්වයට හේතුව ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙනවා.

 

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේශ් ෂර්මා ලබන 10 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතයි. එහිදී මෙරටදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිත බවයි වාර්තාවන්නේ. මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දක්වන හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කරන්නේ ලක් රජය පොදු රාජ්‍ය මණ්ඩලීය එකඟතා සම්බන්ධයෙන් යහපත් ප්‍රවණතාවයක් පෙන්වන්නේ නම් ශ්‍රී ලංකාවේදී එම රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට විරෝධයක් නොදක්වන බවයි.

 

කෙසේ වෙතත් හම්බන්තොට ප්‍රදේශයේ පැවති රැස්වීමකදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේ මානව හිමිකම් අභියෝගවලට මුහුණදීමට රජය සතුව ප්‍රායෝගික වැඩපිළිවෙලක් පවතින බවයි.

 
[MP3]s52913[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories