ජමියතුල් උලමා සංවිධානය රජය පිළිගත් සංවිධානයක් නොවේ - ආණ්ඩුව.

Thursday, 07 February 2013 - 19:12

%E0%B6%A2%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%BD%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80.

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් ලබාදෙන හලාල් සහතිකය සම්බන්ධයෙන් සමාජය තුළ පුළුල් කථිකාවක් දැන් නිර්මාණය වී තිබෙනවා. මෙය තවදුරටත් කතාබහට ලක්වුණේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙම සහතිකය සම්බන්ධයෙන් ඊයේ (06) පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශයත් සමගයි. විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේ හලාල් සහතිකය ලබාදීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදුකළ යුතු බවයි.

[MP3]s52939_1[/MP3]

කෙසේ නමුත්, කොළඹ දී ජමියතුල් උලමා සංවිධානය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද මේ පිළිබඳව අදහස් පළ වුණා. අදාළ සහතිකය නිකුත් කරන ජමියතුල් උලමා සංවිධානයේ ලේකම් මුර්ෂිඞ් මුලාසර් ප්‍රකාශ කළේ ප්‍රමිති ආයතනයට මෙම සහතිකය නිකුත් කළ නොහැකි බවයි.

[MP3]s52939_2[/MP3]

විපක්ෂ නායකවරයා ඊයේ (06) සිදුකළ ප්‍රකාශය පිළිබඳව අද (07) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහසයි මේ.

[MP3]s52939_3[/MP3]

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ කළ ප්‍රකාශයට සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අද ප්‍රතිචාර දැක්වූවා. දීර්ඝ පැහැදිලි කිරීමක් කළ සභානායකවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ ජමියතුල් උලමා සංවිධානය රජය විසින් පිළිගත් සංවිධානයක් නොවන බවයි. එය හුදෙක් මුස්ලිම් ආගමික කර්තව්‍යයක් බවද ඔහු සඳහන් කළා. හලාල් ආහාර හා නිෂ්පාදන මිලදී ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ පූර්ණ නිදහස  ඕනෑම අයෙකුට පවතිනවා. මෙම සහතිකය නිකුත් කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ඉන්දුනීසියාවේ පිහිටා ඇති බවත් ඔහු කියා සිටියා. මුස්ලිම් ආගමික ස්ථාන 10 කට මෑතකදී පහරදීම් කර ඇති බවට විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශය රජය තරයේ ප්‍රතික්ෂේප කළා. එහෙත් හලාල් ආහාර වර්ජනය කිරීම ඇතුළු වෙනත් කරුණු හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු සිද්ධීන් වාර්තා වී තිබෙනවා. පොලිසිය දිවයින පුරා සර්ව ආගමික කමිටු පිහිටුවා ඇත්තේද මේවා වැළැක්වීම සඳහා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළා. උද්ඝෝෂණ කළ බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරිකයින් පොලිස් මූලස්ථානයට කැඳවා අනිසි ප්‍රතිවිපාක පිළිබඳව පොලිස්පතිවරයා සාකච්ජා කර ඇතැයි ද මෙහිදී අනාවරණය වුණා. සිංහල ජනගහනය අඩු වන්නේ නම් ඒ ගැන පළමුව හඬ නගන්නේ එක්සත් ජාතික පක්ෂය බවට විපක්ෂ නායකවරයා කර ඇති ප්‍රකාශය දේශපාලන වාසි ලබා ගැනීමේ ප්‍රකාශයක් බවද නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා අද කියා සිටියා. අන්තවාදී ක්‍රියාකාරකම් නැවැත්වීමට පත් කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහයෝගය නොදෙන බවට විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශය ද අමාත්‍යවරයා විවේචනයට ලක් කළා. එහෙත් එකම විකල්පය එවැනි කාරක සභාවක් බව ඔහු කියා සිටියා. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටද රජය ධනාත්මක ක්‍රියාවන් රාශියක් ඉටුකර තිබෙනවා. නීති ප්‍රවේශ විභාග ගැටළුව විසඳීමට ද නීති අධ්‍යයන කවුන්සිලය පියවර ගත්තා. අවසාන වශයෙන් අමාත්‍යවරයා සියලූ පක්ෂවලින් ඉල්ලා සිටියේ අන්තවාදය පැරදවීමට පත් කෙරෙන තේරීම් කාරක සභාවට සහයෝගය දක්වන ලෙසයි.

[MP3]s52939_4[/MP3]

හලාල් සහතිකය පිළිබඳව සමාජයේ ඇති වී තිබෙන කථිකාවත හේතුවෙන් හලාල් සහතිකය සහිත භාණ්ඩ මිලදී ගැනීමේ විශාල අඩුවක් ද දක්නට ලැබෙනවා. මේ පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවේදී ජමියතුල් උලමා සංවිධානයේ ලේකම් මුර්ෂිඞ් මුලාසර් ද කියා සිටියා.

[MP3]s52939_5[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories