සරසවි ප්‍රවේශ අවුල විසඳෙයි - අමතර 5609 ටම, සරසවි වරම්.

Thursday, 07 February 2013 - 19:20

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+5609+%E0%B6%A7%E0%B6%B8%2C+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A.

විශ්වවිද්‍යාවලට වැඩිපුර සිසුන් 5609 දෙනෙකු ඇතුළත් කර ගැනීමේදී ඇතිවන ගැටළුකාරී තත්ත්වය මඟහරවා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපත් කළ යෝජනාවට අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවුණා. ඒ අනුව දැනට ප්‍රයෝගික සහ යෝග්‍යතා පරීක්ෂණයෙන් සාමාර්ථ ලකුණු ලැබූ සිසුන් නොසිටින දිස්ත්‍රික්කවල ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා වැඩියෙන් සිසුන් සමත් වී සිටින දිස්ත්‍රික්කවලින් සිසුන් විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගනු ඇති.

එමෙන්ම මෙම සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු හැකි ඉක්මනින් නිකුත් කරන බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අද අධිකරණයට දැනුම් දුන්නා.

2011 / 2012 අධ්‍යයන වර්ෂ සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් 5609 දෙනෙකු වැඩිපුර තෝරා ගැනීමේදී ප්‍රයෝගික ගැටළු මතුව ඇති බවට පවසමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මෝසම ඊයේ සලකා බලා එය අද දිනට කල් තබනු ලැබුවා. ඒ අනුව අද (07) මෙම මෝසම සලකා බැලූණේ අගවිනිසුරු මොහාන් පීරිස්, කේ. ශ්‍රී පවන් සහ ඊවා වනසුන්දර යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයී.

2012 සැප්තැම්බර් මස 12 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ඒ ඒ පාඨමාලා සඳහා ප්‍රායෝගික සහ යෝග්‍යතා පරීක්ෂණ පවත්වන ලෙස උසස් අධ්‍යාපන ආයතනවලට උපදෙස් ලබාදී තිබූ අතර, එහි ප්‍රතිඵල මේ වනවිට ප්‍රතිපාදන කොමිසමට ලැබී තිබෙනවා. ඒ අනුව සරසවිවලට ඇතුළත්වීමට සුදුසු ලකුණු සංඛ්‍යාව ලැබූ සිසුන් ඇතැම් දිස්ත්‍රික්කවල නොමැති බැවින් ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බව ප්‍රතිපාදන කොමිසම අධිකරණයට දැනුම් දුන්නා. මෙවැනි අවස්ථාවක පියවරයන් දෙකක් ගතහැකි බවත්, එහි එක් පියවරක් ලෙස නියම කළ ලකුණු සංඛ්‍යාව නොලැබූ දිස්ත්‍රික්කවලින් ළමයින් විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනීමෙන් වැළකී සිටීමට යෝජනා කර තිබෙනවා. එමෙන්ම මේ නිසා ඇතිවන අඩුව පිරවීම සඳහා මෙම විභාගය සමත් වූ සිසුන් සිටින දිස්ත්‍රික්කවලින් වැඩියෙන් ඇතුළත් කර ගැනීම යෝග්‍ය බව ප්‍රතිපාදන කොමිසම යෝජනා කළ දෙවන පියවරයි. ඒ අනුව මෙම යෝජනාවන්ට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය හිමිවුණා.

කෙසේ වෙතත් අද (07) දිනයේ මෙම පෙත්සම් ගොනුකල සිසුන් කිහිපදෙනෙක්ද අධිකරණ භූමියට පැමිණ සිටියා. ඔවුන් එහිදී හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූයේ මෙලෙසයි.

[MP3]s52941[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories