පාසල් දැරිය උසාවි ගෙනගිය පොල්ගෙඩි සිද්ධිය ගැන කැබිනට් පරීක්ෂණයක්.

Thursday, 07 February 2013 - 19:23

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පොල්ගෙඩි 08 ක් සොරකම් කිරීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ හොරණ මේධංකර මධ්‍ය මහා විද්‍යාලයේ 13 හැවිරිදි දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ අද (07) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා.

[MP3]s52942_1[/MP3]

මෙහිදී මතුව ඇති ප්‍රායෝගික ගැටළු දෙකක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් දක්වා සිටියා.

[MP3]s52942_2[/MP3]        

හොරණ - අරමණගොල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පාසල් ශිෂ්‍යාව තම නිවසට අසල පිහිටි පොල්වත්තකින් පොල්ගෙඩි 08 ක් සොරකම් කිරීමේ චෝදනාව මත ඊයේ (06) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. ඒ, පොල් ඉඩමේ හිමිකරු විසින් හොරණ පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි. මෙම දැරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ තම පාසලේ තීන්ත ආලේප කිරීම සඳහා රුපියල් 800 ක මුදලක් ගෙන එන ලෙසට පාසල් බලධාරීන් කළ දැනුම්දීමකට අනුව එම මුදල සොයා ගැනීම සඳහා මෙම සොරකම සිදුකළ බවයි. හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරිය මෙම බාල වයස්කාර දැරිය රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබුවා. මෙම සිද්ධියට අදාළ නඩුව ලබන 22 වැනිදා යළිත් සලකා බැලීමට නියමිතයි.

මෙම දැරිය වෙනුවෙන් මුදල් අයකිරීමකින් තොරව නීතිඥවරුන් දෙදෙනෙකු අධිකරණය හමුවේ කරුණු දක්වා තිබෙනවා. ඉන් එක් නීතිඥවරයෙකු වන තුෂාර ගුණරත්න සඳහන් කළේ මෙම දැරිය සොරකම් කිරීමට පෙළඹුණු සැබෑ කාරණය සලකා බලා ඇය නිදහස් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමට අපේක්ෂා කරන බවයි.

[MP3]s52942_3[/MP3]            

මුදල් ගෙන ඒමට පාසලෙන් නියම කිරීම පිළිබඳ දැන ගැනීමට දැරිය ඉගෙනුම ලබන හොරණ මේධංකර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඒ.ඒ. සේනාරත්නගෙන් විමසීමට හිරු ප්‍රවෘත්ති අංශය කිහිපවිටක් උත්සාහ කළද එය ව්‍යර්ථ වුණා.

ලංකා ගුරු සංගමය පවසන්නේ පාසල් ළමයින්ගෙන් මුදල් අයකර ගැනීමට පාසල් බලධාරීන්ට හැකියාවක් නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් ද නිකුත් කර තිබෙනවා. මේ පිළිබඳ පැහැදිලි කරන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්.
 
[MP3]s52942_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories