ජනපති අද ඉන්දියාවට.

Friday, 08 February 2013 - 7:37

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (08) ඉන්දියාවේ නිල සංචාරයක් නිරත වීමට නියමිතයි. ඒ අනුව, ජනාධිපතිවරයා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ. එහිදී ඉන්දියාවේ - බිහාර් ප්‍රාන්තයේ පිහිටි බුද්ධගයාවේ සංචාරයක නිරත වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෞතම බුදුන් බුද්ධත්වය ලැබූ බුද්ධගයාවට මෙන්ම, මහාබෝධී විහාරස්ථානයට පැමිණීමට නියමිතයි. මීට අමතරව ජනාධිපතිවරයා ඉන්දීය බිහාර් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය නිටිෂ් කුමාර් ද මුණ ගැසීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. බුද්ධගයාවේ වසර 1500 ක් පැරණි මහාබෝධී විහාරස්ථානය යුනෙස්කෝ සංවිධානය විසින් 2002 වසරේදී ලෝක උරුමයක් ලෙස නම් කළා. ජනාධිපතිවරයා දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි තිරුපති හින්දු පූජ්‍යස්ථානය වෙත ද යාමට නියමිතයි. තමිල්නාඩුවේ ඇතැම් දේශපාලනඥයන් ඊට විරෝධය පළ කළ ද එහි හින්දු මුන්නනි සංවිධානයේ නායක රාම් ගෝපාලන් කියා සිටියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ආගමික සංචාරයට කිසිදු බාධාවක් සිදුනොවිය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories