පොල් ගෙඩි 08 සිද්ධියෙන් පසු අධ්‍යාපන බලධාරීන්ගේ ඇස් ඇරේ.

Friday, 08 February 2013 - 12:52

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92+08+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B7%9A.

පොල්ගෙඩි 08 ක් සොරකම් කිරීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ හොරණ මේධංකර මධ්‍ය මහා විද්‍යාලයේ 13 හැවිරිදි දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජය තුළ මේ වනවිට පුළුල් කතාබහක් ඇති වී තිබෙනවා. මෙම සිද්ධියේදී පැමිණිල්ල ඉදිරිපත් කළ ඉඩම් හිමියා සහ පොලිසිය හැසිරුණු ආකාරය නිවැරදිද යන්න පිළිබඳවයි මෙහිදී සමාජයේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ. මේ නිසා මෙම සිද්ධියේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන දැරිය පොල් ගෙඩි සොරකම් කළ බව කියන ඉඩමෙහි අයිතිකරු වන චන්ද්‍රසේන කරන්නාගොඩගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. ඔහු කියා සිටියේ තමාට මෙම සිද්ධියේදී දැරියට දඬුවම් කිරීමට වඩා අවශ්‍ය වූයේ ඇය යහමඟට ගැනීමට බවයි.

[MP3]s52982_1[/MP3]

මෙම සිද්ධිය දෙපාර්ශවය අතර සමථයකට පත් නොකොට උසාවිය දක්වා ගෙන යාම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩිගෙන්ද විමසීමක් කළා.

[MP3]s52982_2[/MP3]

කෙසේ වෙතත්, මෙම සිද්ධියත් සමග ළමයින්ගෙන් පාසලේ විවිධ කටයුතු සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ද සංවාදයක් ඇති වී තිබෙනවා. මෙම සිද්ධියට මුහුණදුන් දැරිය අධ්‍යාපනය ලබන්නේ බස්නාහිර පළාත් සභාව මගින් පාලනය වන පාසලකයි. එබැවින් මේ සම්බන්ධයෙන් අප බස්නාහිර පළාත් මහ ඇමති සහ අධ්‍යාපන අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වන සියලූ පාසල්වල තීන්ත ආලේප කිරීම සඳහා පළාත් සභාව විසින් සෑම වර්ෂයකම මුදල් වෙන්කරන බවයි.

[MP3]s52982_3[/MP3]

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකළද, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ තවමත් පාසල්වල තීන්ත ආලේප කිරීම ඇතුළු අනෙකුත් කටයුතු සඳහා මුදල් එක්රැස් කිරීම් සිදුකෙරෙන බවයි.

[MP3]s52982_4[/MP3]

2008 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බවටයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ චෝදනා කරන්නේ.

[MP3]s52982_5[/MP3]

කෙසේ වෙතත්, අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ පාසල්වල බාහිර කටයුතු සඳහා මුදල් එක්රැස් කිරීම් නවතන ලෙසට චක්‍රලේඛ කිහිපයක් පසුගිය කාල වකවානුවේ නිකුත් කර ඇති බවයි. තමා මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා අද දිනයේදී අදාළ පාසලට යන බවද ඔහු අප සමඟ ප්‍රකාශ කළා.

[MP3]s52982_6[/MP3]

නිල බලයෙන් පාසල් සංවර්ධන සමිතියේ සභාපතිවරයා වන්නේ එම පාසලේ විදුහල්පතිවරයායී. මේ නිසා මෙවැනි සිද්ධීන් පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රේණිධාර විදුහල්පතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එස්.යූ.කාරියවසම්ගෙන් විමසීමක් කළා.

[MP3]s52982_7[/MP3]

කෙසේ වෙතත්, මෙවැනි ගැටළුවලින් අවසානයේ පීඩාවට පත්වන්නේ පාසල් දරුවන් සහ දෙමව්පියන්. ඒ නිසා මෙම ගැටළුව පිළිබඳව දෙමව්පියන් දැක්වූයේ මෙවන් අදහසක්.


[MP3]s52982_8[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories