කරුවලගස්වැව ප්‍රා.ස. සභාපතිගෙන් පහර කෑ තරුණයෙක් රෝහලේ.

Friday, 08 February 2013 - 12:54

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B7%83.+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%9A%E0%B7%91+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.

පුත්තලම - කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ, සභාපතිවරයාගෙන් පහරකෑමට ලක්වු තරුණයෙකු රෝහල් ගතකර තිබෙනවා. ඊයේ (07) පස්වරුවේ මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ජංගම වෙළඳාමේ නිරත වූ 18 හැවිරිදි නොච්චියාගම - අන්දරවැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. මොහු නොච්චියාගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අද අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලිසියට පැමිණිල්ලක්ද ලැබී ඇති අතර, සාලියවැව මංසන්ධියේදී මෙම පහරදීම සිදුකර ඇති බව එහි සඳහන්. පහරදීම සිදුවන අවස්ථාවේදී ප්‍රාදේශීය සභාවේ, සභාපති නීල් වීරසිංහ බීමත්ව සිට ඇති බව පැමිණිල්ලේ දැක්වෙන බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය චෝදනාව එල්ල වන කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ, සභාපති නීල් වීරසිංහගෙන් විමසීමක් කළා. ඔහු ඊට දැක්වු ප්‍රතිචාරයයි මේ.

[MP3]s52983[/MP3]
  
පසුගිය කාලයේදී ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් පුද්ගලයින් විවිධ හිරිහැරයන්ට ලක්වීමේ සිද්ධීන් රැසක් වාර්තා වුණා. පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් පෙරේරා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ පසුගිය වසරේ අගෝස්තු 01 වැනිදායී. එසේම අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. එල්. සුනිල් සහ තංගල්ල නාගරික මන්ත්‍රී  අංජන ලියනගේද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ළමා අපයෝජන චෝදනා සම්බන්ධයෙන්. මීට අමතරව මොරටුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති සුජිත් පුෂ්පකුමාරද, මොරටුව - සුනන්දෝපනන්ද විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories