සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයට බොදුබල සේනාවෙන් නඩු.

Friday, 08 February 2013 - 18:37

%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%BD%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94.

හලාල් සහතිකය නිකුත් කරන ජමෙයිතුල් උලමා සංවිධානයට එරෙහිව ඉදිරියේ දී නඩු පවරන බව බොදුබල සේනා සංවිධානය ප්‍රකාශ කළා. එහි ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද (08) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

 
[MP3]s53013_1[/MP3]                                                                              

 

කෙසේ වෙතත්, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සහ ලංකා ජමියතුල් උලමා සභාව, හලාල් සහතිකය සම්බන්ධයෙන් දක්වන්නේ පරස්පර අදහස්. ජමියතුල් උලමා සංවිධානයේ මෙම සහතිකය නිකුත් කරනු ලබන ආයතනයේ ලේකම් මුර්ෂිඞ් මුලාසර් සහ ලංකා ජමියතුල් උලමා සභාවේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් අයියාස් කාදර් ඒ පිළිබදව දැක්වූ අදහසුයි මේ.

 

[MP3]s53013_2[/MP3]                                                                

 

එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ දී අද (08) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හලාල් සහතිකය සහ ජමියතුල් උලමා සංවිධානය පිළිබදව අදහස් පළ කළ කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්.

 

[MP3]s53013_3[/MP3]                                                                  

 

කෙසේ වෙතත්,  ඕනෑම පුද්ගලයෙකුට තමන්ට කැමැති ආහාර වර්ගයක් අනුභව කිරීමේ අයිතියක් ඇති බව නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහ කරුණරත්න ප්‍රකාශ කළා.ඊට නීති දැමීමෙන් වැළකිය යුතු බවයි කොළඹ අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ.

 
[MP3]s53013_4[/MP3]      



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories