බත්තරමුල්ලට වැටුණේ උල්කාෂ්මයක් ද?

Friday, 08 February 2013 - 18:39

%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%3F

පාර්ලිමේන්තු සංකීර්ණයේ ආසන්නයේ නිවසක මිදුලට ඊයේ (07) රාත්‍රියේ වැටී ඇති පාෂාණය උල්කාෂ්මයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහි ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කිලෝග්‍රෑම් 10 ත්, 20 ත් අතර බරකින් යුතු එම පාෂාණය කිරි මැටිවලට සමාන වර්ණයකින් යුක්ත බවයි.

 
[MP3]s53014[/MP3]

 
මෙම හඳුනා නොගත් පාෂාණය පතිත වී තිබුණේ බත්තරමුල්ල - ජයන්තිපුර - මැදපාර ප්‍රදේශයේ පිහිටි නිවසක මිදුලකටයි. එය මුලින්ම දැක තිබුණේ එම නිවසේ සේවය කරන සේවකයෙකු විසින්. කෙසේ වෙතත් මේ වන විට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කණ්ඩායමක් ද මෙම පාෂාණය පිළිබදව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories