ආනයනය කළ අයි. ඕ.සී ඞීසල් තොගයක් යලි පරීක්ෂාවට.

Saturday, 09 February 2013 - 12:42

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%95.%E0%B7%83%E0%B7%93+%E0%B6%9E%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

ලංකා අයි. ඕ.සී. සමාගම විසින් ආනයනය කළ ඉන්ධන තොගයක් ප්‍රමිති පරීක්ෂාවෙන් අසමත්වීම නිසා යළි රඳවාගෙන සිටින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා. ඞීසල් මෙටි‍්‍රක් ටොන් 5000 ක් මෙලෙස ගෙනවිත් ඇති අතර ඒවා නිසි පිරිවිතර වලට අනුකූල නොවන බවයි පළමු නියැදි පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ. ඒ අනුව එම ඉන්ධන තොගය ගොඩබෑම තාවකාලිකව නවතා ඇති අතර ඛනිජ තෙල් සංස්ථාවේ බලධාරීන් තීරණය කර ඇත්තේ යළි මෙම ඉන්ධන තොගය පරීක්ෂාවට ලක් කිරීමටයි. එතෙක් කිසිදු අයුරකින් අදාළ ඉන්ධන තොගය මුදා හැරීමට අවසර නොදෙන බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කොළොන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්. සොයිසා ප්‍රකාශ කළා.

 

මේ අතර තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කළේ මෙම නෞකාවේ තවත් ඉන්ධන තොග ගබඩා කර ඇති බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට බෙදාහැරීම සඳහා ගෙනවිත් ඇත්තේ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 5000 ක් පමණක් බව තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා කියා සිටියා. මේ පිළිබඳව ලංකා අයි. ඕ.සී. සමාගමෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ආනයනය කරන ඉන්ධන සාම්පල එක්වරකට වඩා පරීක්ෂා කිරීම අසාමාන්‍ය තත්ත්වයක් නොවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories