පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමන පනත සංශෝධනය කෙරේ.

Sunday, 10 February 2013 - 7:45

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමන පනත සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව විද්වත් කමිටුවක් ඔස්සේ අදාළ සංශෝධනයක් සිදුවිය යුතු ආකාරය පිළිබඳව අධ්‍යයනය කරමින් පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ඇතැම් අවස්ථාවල පෞද්ගලික වෛද්‍ය ආයතන නියමිත ක්‍රියා පිළිවෙතින් බැහැරව කටයුතු කළද ඒවාට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමේදී දැනට තිබෙන නීති-රීති ප්‍රමාණවත් නොවන බව අනාවරණය වීම ඊට හේතුවයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරයකින් තොරව කිසිදු සායනයක් පැවැත්වීමට අවසර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ වේයන්ගොඩ ප්‍රදේශයේ පැවැත් වූ ජංගම වෛද්‍ය සායනයකට ගම්වාසීන්ගෙන් එල්ල වූ විරෝධය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි. වේයන්ගොඩ - කුරිගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම සායන මධ්‍යස්ථානයේ පවුල් සැලසුම් සැත්කම් සිදුකර ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ. ප්‍රදේශයේ මහා සංඝරත්නයද මේ පිළිබඳ තතු සොයා බැලීමට අදාළ ස්ථානයට පැමිණි අතර, ඊට පොලිසියද මැදිහත් වුණා.

[MP3]s53094_1[/MP3]

මෙවැනි ස්ථාන පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසීමක් කළා.
 
[MP3]s53094_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories