ප්‍රමිතියෙන් තොර ඉන්දීය ඩීසල් තොගය ප්‍රතික්ෂේපයි.

Sunday, 10 February 2013 - 13:10

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA++%E0%B6%A9%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92.

ලංකා අයි. ඕ.සී සමාගම විසින් ආනයනය කර තිබූ ඩීසල් මෙටි‍්‍රක් ටොන් 5000 ක් නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවන නිසා ප්‍රතික්ෂේප කළ බව කොළොන්නාව තොග තෙල් ගබඩා පර්යන්තය ප්‍රකාශ කළා. එහි මාධ්‍ය ප්‍රකාශක නිශ්ශංක ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව එම තෙල් වෙළඳ පොලට නිකුත් කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි. ඊයේ (10) ලබාගත් පර්යේෂන වාර්තාවෙන් පසුව මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළා.

[MP3]s53115_1[/MP3]

කෙසේ වෙතත් ජාතික සේවක සංගමයේ තෙල් සංස්ථා ශාඛාවේ සභාපති ආනන්ද පාලිත ඊයේ ප්‍රකාශ කළේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන ත්‍රිකුණාමලය වරායට රැගෙන යාමේ අවදානමක් පවතින බවයි.

[MP3]s53115_2[/MP3]

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ මාධ්‍ය ප්‍රකාශක නිශ්ශංක ජයවර්ධනගෙන් තවදුරටත් කරුණු විමසුවා.

[MP3]s53115_3[/MP3]

මෙරට ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය පිළිබඳ විශ්වසනීයත්වයක් ඇතිවන පරිදි කටයුතු කිරීමට උපරිම පියවර ගන්නා බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට තමන් සූදානම් බවයි.

[MP3]s53115_4[/MP3]

තෙල් සංස්ථාවේ සිදුවන වංචා දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ වෘත්තීය සමිති විවිධ චෝදනා එල්ල කළා. ඒ පිළිබඳවත් අප අමාත්‍යවරයාගෙන් කරුණු විමසුවා.
 
[MP3]s53115_5[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories