අනුප්‍රාප්තිකයෙක් නැහැ. - ඞීල් එක ඇත්තේ පුටුවටයි. - රනිල්.

Sunday, 10 February 2013 - 19:10

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%9E%E0%B7%93%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අනුප්‍රාප්තිකයින් නොමැති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (10) ප්‍රකාශ කළා. විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ පක්ෂයේ තනතුරුවලට පත්වන පුද්ගලයින් තීරණය කරන්නේ ජනතාව විසින් බවයි. මාතර - දික්වැල්ල ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් අමතමින් ඔහු අද (10) මෙම අදහස් පළ කළා.

[MP3]s53142_1[/MP3]

බහු පක්ෂ ඇති රටක විපක්ෂය සහ ආණ්ඩුව අවශ්‍ය අවස්ථාවකදී සාකච්ඡා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේ. එහෙත්, පක්ෂයේ ප්‍රතිපත්ති පාවා නොදී එම කටයුතු සිදුකළ යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තවදුරටත් කියා සිටියා.

[MP3]s53142_2[/MP3]

මේ අතර, හෙට (11) දිනයේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ 11 ක් එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධ ගිවිසුමකට එළඹීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා එම පක්ෂවල නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද (10) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක්වෙමින් ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර.

[MP3]s53142_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories