කමලේෂ් ෂර්මා අද රාත්‍රියේ දිවයිනට.

Sunday, 10 February 2013 - 19:31

%E0%B6%9A%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B7%82%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.



දෙදින නිළ සංචාරයක් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා අද (10) රාත්‍රියේ දී දිවයිනට පැමිණීමට නියමිතයි. ලබන නොවැම්බර් මසයේ දී මෙරට දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සංවිධාන කටයුතු පිළිබදව සමාලෝචනයක නිරතවීම මෙම සංචාරයේ අරමුණ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. මෙම සංචාරය අතුරතුරදී මහලේකම් කමලේෂ් ෂර්මා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සමග ද සාකච්ඡා කිරීමට නියමිතයි. මීට අමතරව බලය බෙදීම වැනි කරුණු පිළිබදව ද මෙම සංචාරයේ දී ඔහුගේ අවදානය යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories