මහරගම විහාරස්ථානයක හිමි නමකට ප්‍රහාරයක්.

Monday, 11 February 2013 - 12:57

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



මහරගම - පමුණුව ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ විහාරවාසී කොළොන්ගොල්ලේ වීරවංශ හිමියන්ට අද (11) අලූයම නාඳුණන පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. පහරදීම හේතුවෙන් තුවාල ලැබූ උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ. විහාරස්ථානයේ විහාර ගෙය තුළ කිිසියම් ශබ්දයක් ඇසී ඒ පිළිබඳව සොයාබැලීමට පැමිණි අවස්ථාවේදියි උන්වහන්සේ මෙම පහරදීමට ලක්ව ඇත්තේ. ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ පිං කැටයේ ඇති මුදල් සොරකම් කිරීමට පැමිණි පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව මහරගම පොලීසිය ප්‍රකාශ කළා. පොලිසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
              



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories