නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් ලංකාවට එරෙහිවනවා.

Monday, 11 February 2013 - 13:06

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.


උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ලක් රජය ක්‍රියාත්මක නොකරන්නේ නම්   ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලයට ගෙන එන යෝජනාවට ඉන්දියාව සහය දක්වන බව එරට මධ්‍යම රජයේ ඇමතිවරයෙකු ප්‍රකාශ කොට තිබෙනවා. පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය භාර අමාත්‍යවරයා වූ   නාරායන් ස්වාමි මේ බව ප්‍රකාශ කර ඇති බවයි. පසුගිය මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව ඡුන්දය භාවිතා කළ බවද නාරායන් ස්වාමි පෙන්වා දුන්නා. ඉන්දු ලංකා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ආරක්ෂා කිරීමට ලංකා ආණ්ඩුව බැදී ඇති බවයි ඔහු කියා සිටියේ.

 
කෙසේ වෙතත් වර්තමානයේ එවැනි තත්ත්වයක් දක්නට නොමැති බවද නාරායන් ස්වාමි පවසනවා. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඉන්දියාව සැමවිටම සූදානම් බවද ඔහු අවධාරණය කළා. එහෙත් මේ දක්වා ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී   ශ්‍රී ලංකාවට එරෙහිවීම සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories