විකල්ප පෙරමුණුවලට ඉඩ නැහැ. එ.ජා.ප. ය.

Monday, 11 February 2013 - 13:09

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%BA.

ප්‍රධාන පක්ෂ දෙකට පරිබාහිරව නිර්මාණය කෙරෙන කිසිදු විකල්ප පෙරමුණකට මැතිවරණ ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ එවැනි විකල්ප පෙරමුණු නිර්මාණය කළ පුද්ගලයන්ට අවසානයේදී සිදුවන්නේ දේශපාලනයෙන් ඉවත්වීමට සිදුවීම පමණක් බවයි.  එක්සත් ජාතික පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පාලිත රංගේබණ්ඩාර ඊයේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මේ බව සඳහන් කළා. පාලිත රංගේබණ්ඩාර ප්‍රකාශ කළේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණ සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව විකල්ප දේශපාලන පෙරමුණක් නිර්මාණය කරන බවයි.

[MP3]s53176_1[/MP3]

ඊට ප්‍රතිචාර දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා.

[MP3]s53176_2[/MP3]

මේ අතර, අද පස්වරුවේ දී විපක්ෂයේ දේශපාලන පක්ෂ 11 ක් එක්සත් ජාතික පක්ෂය සමඟ ඒකාබද්ධ ගිවිසුමකට එළඹීමට නියමිතයි. කෙසේ වෙතත් මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට තමන් සහභාගි නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර ප්‍රකාශ කළේ.

[MP3]s53176_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories