පොල් ගෙඩි 8 නඩුව ඉල්ලා අස් කරගනී. අධිකරණයෙන් මාධ්‍යයට දොස්.

Monday, 11 February 2013 - 13:13

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92+8+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A.


රුපියල් 320 ක් පමණ වටිනා පොල් ගෙඩි 8 ක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මේධංකර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියට එරෙහිව පවරා තිබූ නඩුව, අද (11) පැමිණිල්ල විසින් ඉල්ලා අස්කරගනු ලැබුවා. හොරණ සහකාර පොලිස් අධිකාරී අබේරත්න දිසානායක, හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ වෙත මෝසමක් ගොනු කරමිනුයි මේ බව දැනුම් දුන්නේ. අධිකරණයේදී සහකාර පොලිස් අධිකාරීවරයා කියා සිටියේ උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පරිදි මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් පැවැත්වූ බවයි. සොරකමට සම්බන්ධ පාසල් දැරියගේ පවුලේ සාමාජිකයින් ආර්ථික අපහසුතා රැසකින් පෙළෙන බවද එම පරීක්ෂණවලදි හෙළි වූ බව සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට දැනුම් දුන්නා. එහිදී හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අනවශ්‍ය ප්‍රචාරයක් මාධ්‍ය මගින් ලබාදීම නිසා එම දැරියගේ අධ්‍යාපනයටද බලපෑමක් සිදුකර ඇති බවයි. මාධ්‍ය මීට වඩා වගකීමෙන් ක්‍රියාකළ යුතු බවයි මහේස්ත්‍රාත්වරයා අධිකරණයේදී ප්‍රකාශ කළේ.

 

13 හැවිරිදි මෙම පාසල් දැරිය පාසලේ  තීන්ත ගෑම සඳහා රැගෙන එන්නැයි පවසා තිබූ මුදල් නොමැති කම හේතුවෙන් වත්තකින් පොල් ගෙඩි 8 ක් සොරකම් කළ බවයි අධිකරණයට එම දැරිය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories