පාප් වහන්සේ ඉල්ලා අස්වෙයි.

Monday, 11 February 2013 - 19:28

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

16 වන බෙනඩික් පාප් වහන්සේ ලබන පෙබරවාරි 28 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව වතිකානුව අද (11) ප්‍රකාශයට පත් කළා. දෙවැනි ජුවාන් පාවුළු පාප් වහන්සේ 2005 වසරේ ස්වර්ගස්ථවීමෙන් පසු පාප් වහන්සේ ධුරයට පත් වූ 16 වන බෙනඩික් පාප්තුමාගේ වයස දැන් අවුරුදු 85ක්. සිය කායික ශක්තිය පාප් ධුරයේ තවදුරටත් කටයුතු කිරීම සදහා ප්‍රමාණවත් නොවන නිසා මෙලෙස ඉවත් වන බවයි පාප් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ. පාප් වහන්සේ ලෙස කටයුතු කිරීමේදී ඇති වූ දුෂ්කරතා නිසා මෙම ඉල්ලා අස්වීම සිදුනොවන බවයි වතිකානුව සදහන් කළේ. නූතන යුගයේ පාප්තුමෙකු ඉල්ලා අස්වූ ප්‍රථම අවස්ථාව ද මෙයයි. පාප් වහන්සේ ලෙස පත් කර ගැනීමේ දී වයස අවුරුදු 78ක් වූ හිටපු ජර්මානු කාදිනල්තුමෙකු වූ ජෝශප් රැට්සිංගර් වඩාත්ම වයස්ගත වී පාප් ධුරයට පත්වූ කාදිනල්වරයෙකු ලෙසයි සැලකෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories