මානව හිමිකම් වීරයන් ගැන ආරක්ෂක ලේකම්වරයා හෙළිදරව්වක.

Monday, 11 February 2013 - 18:51

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A.

ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ චෝදනා නිර්මාණය කරන විදේශගත කණ්ඩායම් බොහොමයක් එල්.ටී.ටී.ඊ. සම්බන්ධතා සහිත පුද්ගලයන් හෝ සංවිධාන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. එල්.ටී.ටී.ඊ. ය රුදුරු ත්‍රස්ත සංවිධානයක් ලෙස තහනම් කළ රටවල පවා මොවුන් ක්‍රියාකාරීව සිටින බවයි කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා ආයතනයේ අද (11) පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේ. ගැටුම් පැවැති සමයේ සහ පශ්චාත් යුද, දේශපාලන සහ රාජතාන්ත්‍රික අභියෝග යන මැයෙන් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලැබුවා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන්නේ විදේශ රටවල සරණාගතයන් ලෙස ගොස් පුරවැසිභාවය ලබාගත් කොටි ක්‍රියාකාරීන් අද මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින වීරයන් වී සිටින බවයි.

 
[MP3]s53197_1[/MP3]                                             

 

එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් බටහිර රටවල ප්‍රබල දේශපාලන බලවේගයන් බවට පත්වූ ආකාරය ද ආරක්ෂක ලේකම්වරයා එහිදී පැහැදිලි කළා.

 
[MP3]s53197_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories