කොළඹ පොදුරඳ මඩුලූ සමුළුවේ සංවිධාන කටයුතු ඇරඹේ.

Monday, 11 February 2013 - 19:00

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B3+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ සමුළුව පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳව සාකච්ඡා කිරීමට නොව, එහි සංවිධාන කටයුතු සැලසුම් කිරීම  බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මෙම සමුළුවේ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම පිළිබඳ අද (11) උදෑසන විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා. ඊට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම සහ වෙනත් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආරක්ෂක ප්‍රධානීන් එක්ව තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම සඳහන් කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ මූලික සාකච්ඡා අද සාර්ථකව පැවති බවයි.  

 

[MP3]s53199_1[/MP3]                                                

 

කෙසේ වුවත්, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් කරුණාතිලක අමුණුගම අවධාරණය කර සිටියේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වන හෝ නොවන රටවල් සම්බන්ධයෙන් කිසිදු අදහසක් පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා ප්‍රකාශ නොකළ බවයි.

 

[MP3]s53199_2[/MP3]                                                    

 
පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සංවිධාන කටයුතු සඳහා විශේෂ කාර්යසාධන ආයතනයක් පිහිටුවා ඇති අතර එහි ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන මජින්ත ජයසිංහ පත් කර තිබෙනවා. දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා අද (11) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණු අතර හෙට විදේශ අමාත්‍යවරයා සහ කථානායකවරයා හමුවීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories