බකින්හැම් කතාව බොරු. - පේරා. යළි කියයි.

Tuesday, 12 February 2013 - 7:40

%E0%B6%B6%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94.+-+%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F.+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

පොළොන්නරුව - අරලගන්විල ප්‍රදේශයේ කුඩාවැව වෙල්යායෙන් හමුවූ පාෂාණ කැබලි උල්කාෂ්ම නොවන බව ඒ පිළිබදව පරීක්ෂණ පැවැත්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥයන් යළි අවධාරණය කරනවා. එහි උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම පාෂාණ කැබලි අකුණක බලපෑම මත විවිධ විපර්යාස වලට ලක්වූ ඒවා බවයි. පොළොන්නරුව - අරලගංවිල - කුඩා වැව වෙල් යායට මෙම පාෂාණ කොටස් පතිත වූයේ පසුගිය වසරේ දෙසැම්බර් 29 වැනිදායි. අනතුරුව එම පාෂාණ කොටස් එංගලන්තයේ බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යා මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පරීක්ෂාවට ලක් කළා. ඔහු කියා සිටියේ මෙම පාෂාණ කොටස් උල්කාෂ්ම වන අතර එහි ජීවයක සලකුණු පවතින බවයි. එම උල්කාපාතවල ඩයටම් කාණ්ඩයට අයත් ජීවීන් කොටස් පොසිලගතව සිටින බව ද මහාචාර්යවරයා කියා සිටියා. එම අවස්ථාවේදී ද පේරාදෙණිය සරසවියේ මතය වූයේ මේවා උල්කාෂ්ම නොවන බවයි.

පසුගිය දා එම පාෂාණ පිළිබදව මෙරටට පැමිණි නාසා ආයතනයේ මහාචාර්ය රිචඞ් බී හූවර් ද පරීක්ෂණ පැවැත්වූවා. එහිදී ඔහු ප්‍රකාශ කළේ පෘතුවියෙන් පිටත ජීවයක් පවතින බවට පැහැදිලි සාක්ෂි මින් මතු වූ බවයි. කෙසේ වෙතත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න පවසන්නේ එම පාෂාණය උල්කාෂ්ම කොටස් නොවන බවයි.

[MP3]s53212_1[/MP3]

මේ සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් ද අදහස් පළ කළා.
 
[MP3]s53212_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories