පොදුරඳ සමුළුවට රනිල්ගේ සහාය.

Tuesday, 12 February 2013 - 7:44

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B3+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA.

පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමයේ ප්‍රතිපත්තීන්ට අනුකූලව පවත්වන රාජ්‍ය නායක සමුළුවට තම සහයෝගය හිමි වන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. දිවයිනට පැමිණ සිටින පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමයේ මහලේකම් කමලේෂ් ෂර්මා ඊයේ (11) පස්වරුවේ මුණ ගැසුණු අවස්ථාවේදියි විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේ. කෙසේ වුවත් ආණ්ඩුව පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව මුවාවෙන් අනවශ්‍ය වියදම් සහ ජනතාව පීඩාවට පත්වන කටයුතු සිදුකළහොත් ඊට තම පක්ෂයේ විරෝධය පළ කරන බවයි විපක්ෂ නායකවරයා එහිදී පෙන්වා දී ඇත්තේ. පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමය ආරම්භයේ සිටම එහි උන්නතිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ හිටපු නායකයින් දැක්වූ දායකත්වයට ස්තූතිවන්ත වන බවත් එම සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වන බවත් පොදුරාජ්‍ය මණ්ඩලීය  මහලේකම්වරයා මෙහිදී සදහන් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories