දිස්ත්‍රික්ක 6 ක තද සුළං. නිවාස 97 කට හානි.

Tuesday, 12 February 2013 - 18:32

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+6+%E0%B6%9A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82.+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+97+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92.


ගෙවී ගිය පැය විසි හතර තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 6 කට දැඩි සුළං තත්ත්වයක් බලපෑ බව ජාතික ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ  සරත් ලාල් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට මෙම සුළං තත්ත්වය ඊයේ සහ අද දිනයේදී පැවති බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිළි කරන නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂක සරත් ලාල් කුමාර.

[MP3]s53265_1[/MP3]

කැකිරාව - රණජයපුර ප්‍රදේශය හරහා අද දහවල් හමා ගිය දැඩි සුළඟකින් නිවාස 20කට සහ කඩ කාමර 13කට අධික ප්‍රමාණයකට අලාභ හානි සිදුව ඇති බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළා. සුළි සුළඟින් රණජයපුර මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිලි දෙකක වහලවල්වලටද හානි සිදුවී තිබෙනවා. එම අවස්ථාවේදී සිසුන් තිදෙනෙකුටද තුවාල සිදුව රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ. සිද්ධියට මුහුණ පෑ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.

 [MP3]s53265_2[/MP3]
 

මේ අතර, නුවරඑළිය - තලවකැළේ - ගේ‍්‍රට්වෙස්ටන් වතුයායේ නිවාස 20කට ද දැඩි සුළඟින් හානි සිදුවුණා. ශ්‍රී පාද වන්දනාකරුවන්ට මෙම දැඩි සුළං තත්ත්වය හේතුවෙන් බාධා එල්ල වූ බව වාර්තා වනවා.

දැනට බලපා ඇති සුළං තත්ත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්ද විමසීමක් කළා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ දිවයිනට ගිනිකොණ දෙසට වන්නට වායුගෝලයේ ඇතිවී ඇති සුළු කැළඹිලි සහගත තත්ත්වයක් හේතුවෙන් මෙම සුළං තත්ත්වය පවතින බවයි.

[MP3]s53265_3[/MP3]
 
මේ අතර අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්කවලට ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් වැව් රැසක් වාන් මට්ටමට පැමිණ තිබෙනවා. පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය සහ කවුඩුල්ල යන ප්‍රධාන ජලාශ තුනේම අතිරික්ත ජලය මුදා හැරීමට කටයුතු කළ බවයි වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේ.

 

[JPG]53265_1[/JPG]

[JPG]53265_2[/JPG]

[JPG]53265_3[/JPG]

[JPG]53265_4[/JPG]

[JPG]53265_5[/JPG]

[JPG]53265_6[/JPG]

[JPG]53265_7[/JPG]

[JPG]53265_8[/JPG]

[JPG]53265_9[/JPG]

[JPG]53265_10[/JPG]

[JPG]53265_11[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories