හෙට බස් ගාස්තු සංශෝධනයක් නෑ. - ගැමුණු වර්ජනයකට සැරසේ.

Wednesday, 13 February 2013 - 7:59

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.

හෙට (14) දිනයේ කිසි ලෙසකින් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේ හෙටට පෙර බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකළහොත් වර්ජනයකට යොමුවන බවයි.

 

කෙසේ වෙතත් ගාස්තු සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විධිමත්ව කරුණු අධ්‍යයනය කර එවැනි සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කළ බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

 

[MP3]s53284_1[/MP3]                                              

 

මෙම තීරණය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් විමසීමක් කළා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් තුළින් මෙම තීරණයට ප්‍රතිචාර දක්වන බවයි.

 
[MP3]s53284_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories