සියල්ලට වඩා ජාතික ආරක්ෂාව වැදගත්. - ආරක්ෂක ලේකම්.

Wednesday, 13 February 2013 - 8:06

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A.+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A.

අන් සියලූ දේට වඩා ජාතික ආරක්ෂාව වැදගත් බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අන් සියලූ කාරණාවලට වඩා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කිරීමට රජය සැමවිටම සූදානම් බවයි. එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිස් තවදුරටත් ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත ක්‍රියාදාමයක නිරතව සිටින බවයි ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන්නේ. විශේෂයෙන් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් විවිධ රටවල්වල සිට එල්.ටී.ටී.ඊ. ය වෙනුවෙන් පෙනී සිටින බව ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් සදහන් කළා. මානව හිමිකම් ඉදිරියට තබමින් මෙරටට එරෙහිව අභූත චෝදනා කරන රටවල් මෙම එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන්ගේ අවශ්‍යතාවන් අනුව කටයුතු කරනවා. එවැනි පිරිසක් උතුරේ ආරක්ෂාව ලිහිල් කරන ලෙසත් විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටිනවා. කෙසේ වෙතත් රජය කිසිවිටෙක එම ප්‍රදේශවල ආරක්ෂාව අඩු කිරීමට සූදානම් නොමැති බවයි ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ.

 
විශේෂයෙන් එල්.ටී.ටී.ඊ. වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් ඇතැම් බටහිර රටවල දේශපාලනඥයන් පසුපස යමින් ශ්‍රී ලංකාවට විරුද්ධව චෝදනා එල්ල කිරීම සඳහා ඔවුන් පොළඹවමින් සිටින බව ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් පෙන්වා දී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories