නිදහස් වූ යාපනය සරසවි සිසුන් දෙදෙනා මව්පියන් භාරයට.

Wednesday, 13 February 2013 - 12:44

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.

අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබූ යාපනය සරසවියේ සිසුන් දෙදෙනා ඔවුන්ගේ දෙමව්පියන් වෙත අද (13) භාර දුන්නා. ඒ, ජනාධිපතිවරයා පොලිසියට ඊයේ ලබාදුන් උපදෙස් අනුවයි.

 

පසුගිය නොවැම්බර් 28 වැනිදා යාපනය සරසවි භූමියේ සිසුන් දියත් කළ විරෝධතාවයක් අතරතුර ඇතිවු නොසන්සුන්තාවයක් හේතුවෙන් සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. පසුව ඔවුන්ගෙන් 04 දෙනෙකු හැර අනෙක් සියලූ දෙනා මුදා හැරියා. අනතුරුව එම 04 දෙනා පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබූ අතර, එයින් දෙදෙනෙකු පසුව නිදහස් කළා.

 

ජනාධිපතිවරයාද සහභාගී වූ යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ඊයේ පැවති අවස්ථාවේදී රඳවාගෙන සිටින සිසුන්ගේ දෙමව්පියන් තම දරුවන් නිදහස් කරදෙන ලෙස ඉල්ලීමක් කළා. දරුවන් නිසිලෙස බලා කියා ගැනීම දෙමව්පියන්ගේ වගකීමක් බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවේ. එම දරුවන්ගේ වගකීම දරන්නේ නම් ඔවුන් නිදහස් කරන්නැයි මෙහිදී ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා.

 

[MP3]s53306_1[/MP3]

 

අද දිනයේ පුනරුත්ථාපනයෙන් නිදහස් වීමෙන් අනතුරුව යාපනය සරසවියේ එක් සිසුවෙකු මෙසේ සිය අදහස් දැක්වූවා.

 

[MP3]s53306_2[/MP3]

 

පුනරුත්ථාපනයට යොමුකර තිබූ යාපනය සරසවි සිසුන් දෙදෙනා මුදා හැරීම ඇතුළු ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය පිළිබඳ යාපනයේ සිට විස්තරයක් ගෙන එන ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත්.

 

[MP3]s53306_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories