නීති ශිෂ්‍යාව පිළිබඳ වාර්තාව සෞඛ්‍ය ලේකම්වරයාගේ අධීක්ෂණයට.

Thursday, 14 February 2013 - 7:41

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.


සැත්කමකින් වම් අත ඉවත් කළ නීති ශිෂ්‍යාවගේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණ වාර්තාව සෞඛ්‍ය ලේකම්වරයා විසින් අධ්‍යයනය කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නිවසේදී සිදුවූ වැටීමකින් වම් අතේ අස්ථි බිදීමට ලක්ව මාතර රෝහලට ඇතුළත් කළ නීති ශිෂ්‍යා අචලා ප්‍රියදර්ශනී කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් පසු සැත්කමකින් ඇගේ වම් අත ඉවත් කළා. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ලාල් පනාපිටිය සහ විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කළා. ඔවුන්ගේ නිරීක්ෂණ ඇතුළත් මූලික වාර්තාව පෙරේදා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී තිබුණා.

එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක අධ්‍යයනය කිරීමෙන් පසු අදාළ පරීක්ෂණය සිදුකළ විශේෂඥ වෛද්‍යවරුන් සමග ලේකම්වරයා සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතයි. අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවසන් වාර්තාව සකස් කර එය විෂය භාර අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන වෙත භාරදීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ.

කෙසේ වෙතත් නීති පීඨ ශිෂ්‍ය සංගමය පවසන්නේ මෙම සිද්ධිය පිළිබඳ කඩිනමින් පරීක්ෂණ පවත්වා එහි සත්‍ය තොරතුරු හෙළිකළ යුතු බවයි. ඒ පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ එහි කැඳවුම්කරු ජයන්ත දෙහිඅත්තගේ.

[MP3]s53347[/MP3]           



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories