අයහපත් කාලගුණයෙන් 619 ක් අවතැන්.

Thursday, 14 February 2013 - 12:54

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+619+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A.

දිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්  පවුල් 183 කට අයත් පුද්ගලයින් 619 දෙනෙකු අවතැන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඉන් වැඩිම පිරිසක් අවතැන්ව සිටින්නේ වවුනියාව දිස්ත්‍රික්කයේයි. එමෙන්ම වර්ෂාවෙන් පුද්ගලයින් 1058 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත්ලාල් කුමාර.

[MP3]s53373_1[/MP3]

වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක් යලි වාන් දැමීම ආරම්භ කර තිබෙනවා. වෙහෙරගල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර මේ හේතුවෙන් මැණික් ගෙඟහි ජල මට්ටම ඉහළ යා හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. එසේම මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව - සෝමාවතිය මාර්ගය සුංගාවිල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා එහි ගමනාගමන කටයුතුවලට තවදුරටත් බාධා සිදුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ  අධ්‍යක්‍ෂිකා ජනකී මීගස්තැන්න සඳහන් කළා.

[MP3]s53373_2[/MP3]

නුවරඑලිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන වැසි සමගම ප්‍රදේශයට අධික මීදුමක්ද පවතින බවයි දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි කියා සිටියේ. මේ නිසා නුවරඑළියේ මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී විමසිලිමත්වන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.

[MP3]s53373_3[/MP3]         

කෙසේ වෙතත් දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලිකාරී තත්ත්වය හේතුවෙන් තවදුරටත් වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිළි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධිනී කරුණාපාල.
 
[MP3]s53373_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories