රත්නපුරේ මොලේ උණට හේතුව වසා නොදැමූ පතල් ?

Thursday, 14 February 2013 - 13:14

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%3F


රත්නපුර දිස්ත්‍රික්කය තුළ ජපන් නිදි කර්පදාහය හෙවත් ජැපනීස් එන්සපලයිටීස් රෝගය පැතිරයාමට ප්‍රධාන හේතුව වන්නේ දිස්ත්‍රික්කය පුරා ඇති වසා නොදැමූ පතල් බව සබරගමුව පළාත් මහ ඇමති මහීපාල හේරත් පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ වසා නොදැමූ මැණික් පතල් වහාම වසා දැමීම සම්බන්ධයෙන් අදාල අංශ සමග සාකච්ඡා ආරම්ඊභ කර ඇති බවයි.

[MP3]s53375_1[/MP3]

රත්නපුර දිස්ත්‍රික්කයේ පැතිර යන ජපන් නිදි කර්පදාහය හෙවත් ජැපනීස් එන්සපලයිටීස් රෝගය හඳුනාගැනීම සඳහා අවශ්‍ය විශේෂ ප්‍රතික්‍රීයක තොගයක් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත මේ වනවිට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පසුගිය දින කිහිපය තුළ මොළේ උණ රෝගය හඳුනාගැනීම සඳහා අවශ්‍ය ප්‍රතික්‍රීයකවල හිඟයක් පවතින බවට තොරතුරු වාර්තාවී තිබුණා. මෙම ප්‍රතික්‍රීයක විවෘත වෙළඳ පොලේ මිලදී ගැනීමට හැකියාවක් නොමැති අතර සුවිශේෂී රසායනාගාර තත්ත්වයන් යටතේ නිපදවන්නක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. එමෙන්ම වසරකට මෙම විශේෂ ප්‍රතික්‍රීයක වර්ගය නිපදවන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් බවද සඳහන්. ප්‍රතික්‍රීයක හිඟය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරුවලට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉන්දියාවේ පූනෙ හි පිහිටි වෛරස වේද ආයතනයෙන් කර තිබූ ඉල්ලීමකට අනුව අදාළ ප්‍රතික්‍රීයක ලබාදීමට කටයුතු කර ඇති බවයි වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ අනිල් සමරනායක තවදුරටත් සඳහන් කළේ.

[MP3]s53375_2[/MP3]

ජපන් නිදි කර්පදාහය හෙවත් ජැපනීස් එන්සපලයිටීස්  රෝගය වැළඳීම හේතුවෙන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. රෝගය වැළඳුණු පුද්ගලයින් 43 දෙනෙකු පසුගිය මාස 2 ක කාලය තුළ වාර්තාවී ඇති බවද සඳහන්. රෝගී තත්ත්වය පතුරුවලන මුල් රෝග කාරකයා වන්නේ ඌරන්. ඉන් අනතුරුව මදුරුවන් හරහා මෙය මිනිසුන්ට බෝවන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.  රෝගය මර්දනය කිරීම සඳහා විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙලක් රත්නපුර දිස්ත්‍රික්කය පුරා මේ වනවිට ක්‍රියාත්මකයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories