උසස් අධ්‍යාපන සිසුන්ට ඇප නැති ණය.

Thursday, 14 February 2013 - 18:52

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AB%E0%B6%BA.

මෙරට උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට පුද්ගල හෝ දේපළ ඇපයකින් තොරව බැංකු හරහා ණය ලබාගැනීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළා. අමාත්‍යවරයා කියා සිටියේ මීට අදාළ නව පනත් කෙටුම්පතක් ඉදිරි මසක කාලය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවයි.

[MP3]s53394_1[/MP3]

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මේ බව සඳහන් කළේ මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කොළඹ දී අද (14) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. 2011 / 2012 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව සිසුන් 26,944 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරාගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. අමතර සිසුන් 5,182 ක් මෙම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරාගෙන තිබෙනවා. වෛද්‍ය පීඨයට සහ නීති පීඨයට 2011 වර්ෂයට සාපේක්ෂව වැඩි සිසුන් සංඛ්‍යාවක් මෙවර ඇතුළත් කරගෙන ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, පසුගියදා ප්‍රතිඵල නිකුත් කෙරුණු උසස් පෙළ විභාගයෙන් සමත් වූවන්, මෙම වසර අවසානවීමට පෙර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

[MP3]s53394_2[/MP3]

පසුගිය වසරේ වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට සියලූම විෂයන් සඳහා ඒ සාමාර්ථය ලබාගත් සිසුන් විශාල සංඛ්‍යාවකගේ ඉසෙඞ් අගය 1 ට වඩා පහල මට්ටමක පවතින බවයි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේ.

[MP3]s53394_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories