අධිකරණයේ පෙනී සිටින්නැයි ශිරාණි බණ්ඩාරණායකට නොතීසි.

Thursday, 14 February 2013 - 18:58

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B7%92+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92.

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායකට සහ ඇයට එරෙහි චෝදනා විමර්ෂණයට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින්ට ලබන මාර්තු මස 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (14) නොතීසි නිකුත් කෙරුණා. ඒ, හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග විමර්ෂණ වාර්තාව අහෝසි කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවක් අවලංගු කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් වූ පෙත්සමක් අද විභාගයට ගනිමින්. ගම්පහ ප්‍රදේශයේ පදිංචි එච්.ඩබ්ලිව්.හේවගේ විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද විභාගයට ගැනුණේ අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයී. පෙත්සමින් වගඋත්තරකරුවන් ලෙස හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක සහ ඇයට එරෙහි දෝෂාභියෝගය විමර්ෂණය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන් 11 දෙනා නම්කර තිබෙනවා.

මේ අතර, සේවක අර්ථසාධක අරමුදලේ මුදල් වැරදි ලෙස ආයෝජනය කිරීමට එරෙහිව වෘත්තීය සමිති 11 ක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම සලකා බැලීම හෙට දිනය දක්වා කල් තැබුණා. ඒ, එම පෙත්සම අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වු නීතිඥ ජේ.සී. වැලිඅමුණ පෙත්සම විභාගයට ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නා. නඩු විභාගය අවසන්වීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ.

[MP3]s53395[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories