රනිල්ගේ බලය තවත් වැඩි වේ.

Friday, 15 February 2013 - 8:08

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%9A.

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් පත් කිරීමේ සහ ඉවත් කිරීමේ පූර්ණ බලය යලිත් පක්ෂ නායකවරයාට හිමිව තිබෙනවා. ඊයේ (14) පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ. මීට පෙර මෙම බලය පක්ෂ නායකවරයාගෙන් ඉවත් කර පක්ෂයේ උපදේශක මණ්ඩලයට පවරනු ලැබුවා. ඒ අනුව ඉදිරියේදී දිවයිනේ  ඕනෑම ආසනයකට අවශ්‍ය වූ විටකදී කුමන හෝ සංවිධායකවරයෙකු පත් කිරීමේ හෝ ඉවත් කිරීමේ බලය පක්ෂ නායකවරයාට හිමිවනු ඇති. එමෙන්ම, ඊයේ පැවති පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ බුද්ධික පතිරණ යන මන්ත්‍රීවරුන්ට අවසන් වතාවට අනතුරු ඇඟවීමට ද තීරණය කෙරුණා. ජනමාධ්‍ය ඔස්සේ පක්ෂයේ ප්‍රතිපත්තීන් විවේචනය කිරීම ඊට හේතුවයි.

මීට අමතරව, 2013 වසර සඳහා නව ආසන සංවිධායකවරුන් 100 කට ආසන්න පිරිසක් පත් කිරීමට ඊයේ කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය ද හිමිවුණා. එහෙත් පඩුවස්නුවර ආසන සංවිධායකවරයා ලෙස දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පත් කර තිබුණ ද ඔහුගේ පත්වීම ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට ඊයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළා.

කෙසේ වුවත්, ඊයේ පැවති පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී නියෝජ්‍ය නායකත්වය පිළිබඳ කිසිදු අදහසක් පළවුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.
 
[MP3]s53410[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories