අචලාගේ අත ඉවත් කිරීම කාර්ය මණ්ඩල අඩුපාඩුවක්.

Friday, 15 February 2013 - 8:12

%E0%B6%85%E0%B6%A0%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.


නීති පීඨ ශිෂ්‍යා අචලා ප්‍රියදර්ශනීගේ වම් අත ඉවත් කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ෂණයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් සහ අදාල ක්‍රමවේදයේ අඩුපාඩු සිදුවී ඇති බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක පවසනවා. නිවසේදී සිදුවූ වැටීමකින් වම් අතේ අස්ථි බිදීමට ලක්ව මාතර රෝහලට ඇතුළත් කළ නීති ශිෂ්‍යා අචලා ප්‍රියදර්ශනී කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් පසු සැත්කමකින් ඇගේ වම් අත ඉවත් කළා. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ලාල් පනාපිටිය සහ විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කෙරුණා. ඔවුන්ගේ නිරීක්ෂණ ඇතුළත් මූලික වාර්තාව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදෙනු ලැබුවා.

එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍යාංශ ලේකම් සහ විමර්ෂණ කණ්ඩායම විසින් ඊයේ අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක හිරු ප්‍රවෘත්ති අංශය වෙත මේ බව සඳහන් කළේ.

[MP3]s53412_1[/MP3]

එම අඩුපාඩුවලට සම්බන්ධ සේවකයින් හා කාර්ය මණ්ඩල පිළිබඳව රාජ්‍ය සේවා කොමිසමට දන්වා විනය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.

[MP3]s53412_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories