කොළඹ සමාජශාලාවක වැලන්ටයින් සාදයකදී ගැටී අයෙක් මරුට.

Friday, 15 February 2013 - 13:10

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.


 

කොළඹ - තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට දෙපිරිසක් අතර අද (15) අලූයම ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 07 - බාන්ස් වත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. වෘත්තීයෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු වන මොහු තවත් යහළුවන් කිහිපදෙනෙකු සමග ඊයේ රාත්‍රියේ සමාජ ශාලාවලකට පැමිණ ඇත්තේ වැලන්ටයින් සාදයකට සහභාගිවීමටයි. එහිදී නටමින් සිටි මොහු තවත් පුද්ගලයෙකුගේ ශරීරයේ ගැටීමෙන් ඔවුන් අතර බහින් බස්වීමක් සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඉන් අනතුරුව, සැකකරුවන් විසින් මොහුට පහරදී ඇති අතර බරපතල තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔවුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීම සඳහා කොල්ලූපිටිය පොලිසිය විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories