ෂෙල් ප්‍රහාර එල්ල කළේ හමුදාව නොවෙයි.- චැනල් 4 චෝදනාවලට හමුදාවෙන් පිළිතුරු.

Friday, 15 February 2013 - 13:17

%E0%B7%82%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.-+%E0%B6%A0%E0%B7%90%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+4+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94.

චැනල් ෆෝ නාලිකාව විසින් මෙරට ආරක්ෂක හමුදා වෙත එල්ල කළ චෝදනාවන්, පිළිබඳ සිදුකළ පරීක්ෂණයේ වාර්තාව අද (15) යුධ හමුදාපතිවරයා වෙත භාර දී තිබෙනවා. මානුෂීය මෙහෙයුමේදී යුධ හමුදාව එල්ල කළ කාලතුවක්කු ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් ජීවිතක්ෂයට පත්වූ බවට චැනල් ෆෝ නාලිකාව විසින් අවස්ථා කිහිපයකදීම චෝදනා එල්ල කර තිබුණා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම විසින් නිර්දේශ කළා. යුධ හමුදාපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් මේජර් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණ උසාවියක් පත් කරනු ලැබුවා. එහි පරීක්ෂණ වාර්තාව අද යුධ හමුදාපතිවරයා වෙත භාර දුන් බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සඳහන් කළේ.  

[MP3]s53440[/MP3]

චැනල් ෆෝ යෝජනාවලට අනුව උගත් පාඩම් කොමිසම මගින් සොයා බලන ලෙස යුධ හමුදාවට උපදෙස් දී තිබූ ප්‍රධාන කරුණක් වූයේ හමුදා බර අවි ප්‍රහාර වලින් සිවිල් වැසියන් මිය ගියේ ද යන්නයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එලෙස සිවිල් වැසියන් සිටි ප්‍රදේශවලට එල්ල වී යැයි කියන ප්‍රහාර හමුදාව විසින් සිදුනොකළ බවයි. හමුදාපතිවරයා වෙත අද භාර දී ඇති වාර්තාවේ මේ බවද සඳහන් වී ඇති බව එමගින් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories