තුම්මුල්ලේ ගැටුම ගැන තවමත් පරීක්ෂණ.

Friday, 15 February 2013 - 19:02

%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.

කොළඹ - තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාව ඉදිරිපිට දෙපිරිසක් අතර අද (15) අලූයම ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි ප්‍රකාශ කළා.

 

අද (15) අලූයම කොළඹ - තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජශාලාවක් ඉදිරිපිට දී දෙපිරිසක් අතර ඇතිවු මෙම ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වුණේ කොළඹ 07 - බාන්ස්වත්තේ පදිංචි 22 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙක්. මිය ගිය පුද්ගලයා ඇතුළු පිරිස ඊයේ (14) රාත්‍රී සමාජශාලාවකට ගොස් ඇත්තේ වැලන්ටයින් සාදයකට සහභාගිවීමටයි. එහිදී මෙම පිරිස නර්තනයේ යෙදෙමින් සිටියදී ඇතිවු බහින්බස්වීමක් ගැටුමට හේතු වී තිබෙනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම සමාජ ශාලාවේ කළමනාකරු ඒ පිළිබඳව මෙලෙස විස්තර කළා.

 
[MP3]s53469_1[/MP3]

 

ජීවිතක්ෂයට පත්වු කොළඹ - බාන්ස්වත්තේ පදිංචි 22 හැවිරිදි ජේ.කුමාර් සුරේන්ද්‍ර නම් තරුණයාගේ මව ද හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දැක්වූවා.

 

[MP3]s53469_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories