තුම්මුල්ල ඝාතනයේ සැකකරුවන් 5 ක් අත්අඩංගුවට.

Saturday, 16 February 2013 - 12:33

%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

කොළඹ - තුම්මුල්ල ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට ඊයේ අලූයම ඇතිවූ ගැටුමකින් තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලන්ටයින් සාදයකට සහභාගිවෙමින් සිටියදී මෙලෙස පහරකෑමට ලක්ව මියගියේ කොළඹ 7 - බාන්ස්වත්ත ප්‍රදේශයේ පදිංචි ජේකුමාර් සුරේන් නැමති 22 හැවිරිදි තරුණයෙක්. කොල්ලූපිටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. මොවුන් කොළඹ 15, කොළඹ 12, කොළඹ 14, මාළිගාවත්ත සහ මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්. වයස අවුරුදු 24 ත් 36 ත් අතර සැකකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. කොල්ලූපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories