රටේ අභ්‍යන්තර කරුණු පොදු රාජ්‍ය මණ්ඩලයට අනවශ්‍යයි. - ජී.එල්.

Saturday, 16 February 2013 - 12:52

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.

සාමය උදාවීමත් සමග ශ්‍රී ලංකාව ලබා ඇති අතිමහත් ප්‍රගතිය සහ සංකීර්ණ අභියෝගවලට මුහුණදුන් ආකාරය සැළකීමේදී මෙරට අභ්‍යන්තර කරුණු පොදු රාජ්‍ය මණ්ඩලය වෙත රැගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය ක්‍රියාකාරී කමිටුවේ පාලන ව්‍යවස්ථාවට අනුවද ඊට බලතල පැවරෙන්නේ නැහැ. එම කමිටුවේ වත්මන් සභාපති ධුරය හිමිව ඇත්තේ බංග්ලාදේශයටයි. බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍ය ඩිපු මෝනි, ඩකා නුවරදී ඊයේ හමුවූ අවස්ථාවේදී විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ. බංග්ලාදේශයේ දෙදින සංචාරයක නිරතවූ විදේශ කටයුතු අමාත්‍යවරයා ද්විපාර්ශවික කරුණු පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මාගේ ශ්‍රී ලංකා චාරිකාවේදී මෙරට ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ඔහු දැනුවත් කිරීමට පියවර ගැනුනා. එමෙන්ම ලෝක තරුණ සමුළුව ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැළසුම් කර ඇති බවද මහාචාර්ය පීරිස් බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා වෙත දැනුම්දී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හමුදා පුහුණුව ඇතුලූ ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. ඉන්දීය සාගරයේ නාවික ආරක්ෂාව තහවුරු කිරීමද ඔවුන් අතර සාකච්ඡාවට බදුන්වූ තවත් කරුණක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories