ක්ෂමා ආයතනයත් නවිපිල්ලේට එක්වෙයි.

Saturday, 16 February 2013 - 18:23

%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B8%E0%B7%8F+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාව විසින් මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ කරන ඉල්ලීමට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ප්‍රසාදය පළ කර තිබෙනවා. මේ මස අවසානයේ ජිනීවා නුවරදී ආරම්භ වන ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරය සඳහා ඉදිරිපත් කෙරෙන නවිපිල්ලේ වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත්කෙරුණා. යුද්ධයෙන් පසුව, මෙරට සංහිඳියාවක් ගොඩනැගීම සහ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට තවත් විශාල වැඩකොටසක් සිදුකළ යුතු බවයි එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ. එමෙන්ම, මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා පිළිබඳ පරීක්ෂණ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දෙන තාක්ෂණික සහය ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සඳහන් කළා. මේ හේතුවෙන් මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමසාරිස්වරිය සමඟ එක්වීමට සූදානම් බවයි ක්ෂමා ආයතනය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සොයා බැලීමට සහ වාර්තා කිරීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත්, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්. එමෙන්ම, ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් මෙරට සිදුවී ඇතැයි කියන අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා සිය සහය හිමිවන බවත්, ඇම්නෙස්ට් ජාත්‍යන්තරය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය පවසන්නේ ජාත්‍යන්තරයෙන් එල්ල වන  ඕනෑම බලපෑමකට නොබියව ශ්‍රී ලංකා රජය ජගත් මානව හිමිකම් සැසිවාරයේදී කටයුතු කළ යුතු බවයි. ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය වෙත පැහැදිලි කරන එම ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර.

[MP3]s53529_1[/MP3]

ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවලට මුහුණදීමට රජය සූදානම් බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ.

[MP3]s53529_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories