ශ්‍රී ලංකාවට සහයවන්න සූදානම්. නවනීදන් පිල්ලේ කියයි.

Sunday, 17 February 2013 - 13:10

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.+%E0%B6%B1%E0%B7%80%E0%B6%B1%E0%B7%93%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

වෙඩි වැදීමක් හේතුවෙන් රෝහල් ගතකළ සන්ඬේලීඩර් මාධ්‍යවේදී ෆරාස් ෂව්කුටාලි ගේ ගෙළ ප්‍රදේශය ආසන්නයේ තිබූ උණ්ඩය ඉවත් කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රියේ සිදුකළ සුළු සැත්කමකින් එම උණ්ඩය ඉවත් කිරීමට පියවර ගත් බවයි. මේ වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළා. පෙරේදා රාත්‍රී 11.30ට පමණ නාඳුනන පුද්ගලයින් තුන්දෙනෙකු ගල්කිස්ස - හෝටල් පාරේ පිහිටි සන්ඬේ ලීඩර් මාධ්‍යවේදියාට අයත් හෝටලයට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා. වෙඩි ප්‍රහාරයෙන් පසු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ ඔහු පසුව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවනු ලැබුවා. සන්ඬේ ලීඩර් මාධ්‍යවේදියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ.

[MP3]s53565_1[/MP3]

සන්ඬේලීඩර් මාධ්‍යවේදී ෆරාස් ෂව්කුටාලිට එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ සිය කනස්සල්ල පළකර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇය ප්‍රකාශ කළේ ලක් රජය ඔහුට රැකවරණ සැළසීමට පියවර ගත යුතු බවයි.

[MP3]s53565_2[/MP3]

මේ අතර මාධ්‍යවේදී ෆරාස් ෂව්කුටාලිට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විදේශ

කටයුතු කාර්යාලයද ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. දකුණු ආසියානු කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍ය එහිදී මෙරට බලධාරීන් වෙතින් ඉල්ලා සිටියේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පියවර ගන්නා ලෙසයි. ෆරාස් ෂව්කුටාලි ශ්‍රී ලාංකික මෙන්ම බ්‍රිතාන්‍ය පුරවැසි භාවය සහිත මාධ්‍යවේදියෙක්.

මාධ්‍යවේදී ෆරාස් ෂව්කුටාලිට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් විමසීමට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල සම්බන්ධ කරගැනීමට අප කිහිප වරක්ම උත්සාහ කළද එය ව්‍යවර්ථ වුණා.

කෙසේ වෙතත් ෆරාස් ෂව්කුටාලිට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළා. පරීක්ෂණ කටයුතු මේ වනවිට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි ඔහු කියා සිටියේ.  

[MP3]s53565_3[/MP3]

ශ්‍රී ලංකාව පිළිබඳව ජගත් මානව හිමිකම් මණ්ඩල සැසිවාරය වෙත තමා විසින් ගොනුකර ඇති වාර්තාව සම්බන්ධයෙන්ද චැනල් ෆෝ නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ අදහස් පළ කළා.  ශ්‍රී ලංකාව වෙත ජගත් මානව හිමිකම් මණ්ඩලයේ විශේෂඥ සහය ලබාදීමට සූදානම් බවයි ඇය තවදුරටත් ප්‍රකාශ කළේ.

[MP3]s53565_4[/MP3]

මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ රටේ ස්වෛරී භාවයට මුල්තැන දෙමින් එල්ලවන  ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ලක් රජය සූදානම් බවයි.
 
[MP3]s53565_5[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories