මන්ත්‍රීනි සුදර්ශිනීගෙන් ජනපතිට ලිපියක්.

Sunday, 17 February 2013 - 13:40

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ජංගම දුරකථනයක් රැගෙන ආ වරදට පන්ති තහනම් වීම නිසා සිත් තැවුලට පත්ව සියදිවි නසාගත්තේ යැයි කියන මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ සිසුවියගේ මරණය සම්බන්ධයෙන්  ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ විසින් අදාළ ලිපිය යොමුකර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර දෙන ලෙස ඉල්ලමින්. ජංගම දුරකථනය සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිනිය සහ ගුරුවරියක් විනය පියවර ගත් ආකාරය නිසා සිත්තැවුලට පත්ව 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මහේෂිකා ජයරත්න නැමති සිසුවිය සියදිවි නසාගත්තේ වස පානය කිරීමෙන්. ඇගේ මරණය පිළිබඳව දැරියගේ මව දැක්වූ අදහසයි මේ.

[MP3]s53569_1[/MP3]

ඒ අනුව ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.


[MP3]s53569_2[/MP3]

පාසල් දරුවෙකු පන්ති තහනමකට ලක් කරන්නේ නම් ඒ පිළිබඳව විදුහල්පතිනියට හෝ ගුරුවරුන්ට තනි තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ.

[MP3]s53569_3[/MP3]

හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ දරුවන්ට දඩුවම් කිරීම පිළිබඳව මනෝ වෛද්‍ය විශේෂඥ රූබි රූබන්ගෙන්ද අදහස් විමසූ අතර එහිදී ඔහු කියා සිටියේ පිරිසක් ඉදිරියේ දරුවන්ට දඩුවම් කිරීම බරපතල තත්ත්වයක් බවයි.


[MP3]s53569_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories